විස්සයි-20 ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමට උගන්ඩා කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 136ක් රැස් කළ අතර, එහිදී සිකන්දර් රාසා ලකුණු 48ක් රැස් කළේය. පන්දු යැවීමේදී උගන්ඩා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් නක්‍රානි කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව පන්දුවට පහරදුන් උගන්ඩා කණ්ඩායම පන්දුවාර 19.1 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 138 රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී Riazat Ali Shah ලකුණු 42ක් සහ Alpesh Ramjani ලකුණු 40ක් රැස් කළහ.