2025 වසරේදී වසර 21කට පසුව සිම්බාබ්වේ කණ්ඩායමක් එංගලන්ත සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම සංචාරයේදී දෙරට අතර සිව්දින ටෙස්ට් තරගයක් පමණක් පැවැත්වෙන බවයි. එම තරගය 2025 වසරේ මැයි 28වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙතෙක් නිවේදනය කර නැහැ.

සිම්බාබ්වේ කණඩායම අවසන් වරට එංගලන්තයේ සංචාරයකට එක්ව ඇත්තේ 2004 වසරේදීය එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කර ඇත්තේ 2003 වසරේදීය. ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් වරම් දිනාගනු ලැබුවේද 2003 පැවැති එම තරගාවලියේදීය.