පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීමට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් කාලය අනිද්දායින් (12) අවසන් වීමට නියමිතය.

පසුගිය ජනවාරි 12 වනදා අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඒ අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10ක මුදලක් වින්දිතයින්ට ලබා දීමට නියම කර කෙරිණි.

එමෙන්ම මෙම වින්දිතයින් වෙනුවන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට කෝටි 7.5ක මුදලක් ලබා ලෙස ද නියෝග කළේය.