සිවිල් වැසියන් සහ රෝගීන් සමග කිසිඳු සටනක් නැතැයි,  ඊශ්‍රයාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත.

ගාසා තීරයේ දෙවන විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල සිය මෙහෙයුම් නවතා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන නොමැති බව පවසමින් ,ඔවුන් රෝහල වසා දැමීමට කටයුතු කළත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ලබා දීමත් දැරූ උත්සහය ඔවුන් පතික්ෂේප කළ බවය.

මේ අතර යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානිය විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඉවත් කරගැනීමට විරාමයක් අවශ්‍ය බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්‍රියාත්මක නොවන බවය.

ඉන්ධන අවසන් වීම නිසා ගාසාහි කමල් ඇඩ්වාන් රෝහල ද  වසා දමා ඇති අතර එහි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5000 කට අධිකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom  ගාසා හි රෝහල්වල භයානක  තත්ත්වය ගැන අනතුරු අඟවා ඇති අතර, නොමේරූ ළදරුවන් ඇතුළු තවත් රෝගීන් “ඛේදජනක ලෙස” මිය යන බව පවසා ඇත.

ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම මියගොස් ඇති පිරිස 12 300 ඉක්මවා ඇති අතර ඉන් 11000 ක්ම පලස්තීනුවන් ය .