ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසා ඇත.

සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.