සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සීනි කිලෝ එකක් සඳහා රුපියල් 50 දක්වා එම බද්ද ඉහළ දමා ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

එය අද (නොවැ. 2) සිට වසරක කාලයක් බලාත්මක වනු ඇත.

මෙතෙක් සීනි කිලෝ එකක් සඳහා එම බද්ද ශත 25ක්ව පැවතිණි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.