ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුපිරි හතර දෙනාගේ වටයේ තරග හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ මේ දිනවල කොළඹට පවතින අධික වර්ෂාව හේතුවෙනි.

මෙරටට පවතින වර්ෂාපතනය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය අතහැර දැමුණු අතර, ඊයේ පැවැති ඉන්දියාව සහ නේපාලය අතර තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල විය.

මේ සම්බන්ධයෙන් සලකා බලා තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරග හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.