ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 21 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අතර සිම්බාබ්වේහි බුලවායෝ නුවරදී පැවැත්විණි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 213කි.

එහිදී ධනංජය ද සිල්වා පන්දු 111කින් සටන්කාමී ලකුණු 93ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ගැළවුම්කරු බවට පත් විය. නෙදර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී Logan van Beek හා Bas de Leede කඩුලු 3 බැගින් බිද හෙළීය.

අනතුරුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 192ක් පමණි.

එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් Wesley Barresi ලකුණු 52ක් සහ නායක Scott Edwards ලකුණු 67 රැස් කළහ. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 03ක් සහ වනිඳු හසරංගට කඩුලු 02 බිඳ හෙළීය.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දක්ෂතා දැක්වූ දනංජය සිල්වාට හිමි විය.