එක්දින ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානයද, A කාණ්ඩයෙන් සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව සුපිරි 6 වටයේ තරග ජූනි 29වැනිදා ආරම්භ වන අතර, එම වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 30වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

පළමු වටයේදී ඒ ඒ කණ්ඩායම් කුමන ස්ථානයක් හිමි කර ගත්තද ඔවුන් සුපිරි හය වටයට සුදුසුකම් ලැබුවහොත් A කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් A1 ස්ථානය කොදෙව්වන්ටත්, දෙවැනි ස්ථානය (A2) සිම්බාබ්වේ කණ්ඩායමටත් හිමි වන බව අයි.සී.සී. මගින් නිවේදනය කර තිබුණි.

ඊට අනුව B කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් B1 ස්ථානය ශ්‍රී ලංකාවටත්, දෙවැනි ස්ථානය (B2) අයර්ලන්තයටත් හිමිව තිබූ නමුත් අයර්ලන්තයට සුපිරි හය වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන –

Friday, 30 June
Super 6: Netherlands (A3) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo

Sunday, 2 July
Super 6: Zimbabwe (A2) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo

Friday, 07 July
Super Six: West Indies (A1) v Sri Lanka (B1), Harare Sports Club