ජනප්‍රිය නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන Amy Jakson පසුගියදා instagram හි පළ කර තිබූ ජායාරූපයක් හේතුවෙන් දැඩි කතා බහක් ඇහි වී තිබෙනවා.

මුහුණට සිදුකළ සැත්කමක් වැරදී යාම නිසා ඇයගේ රුව මෙසේ විරූපී වී ඇති බවට අදහස් පළ වූ අතර, ඇගේ රුව Oppenheimer චිත්‍රපටයේ රඟපෑ Cilion Murphy ගේ රුවට සමාන කරමින් සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක පෝස්ටු රැසක් හුවමාරු වී තිබුණා. Amy වැනි සුරූපිණියකට ප්ලාස්ටික් සැත්කමක තිබූ අවශ්‍යතාවය කුමක්ද යන්න විමසමින් රසිකයන් අපහාසාත්මක ප්‍රකාශ පවා නිකුත් කළා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු Amy Jakson ප්‍රකාශ කළේ, මෙය ඇය නිරූපණය කරන චරිතයක් වෙනුවෙන් සිදුකළ හැඩගැන්වීමක් පමණක් බවයි.
තමා රංගන ශිල්පිණියක බවත්, එබැවින් නිරූපණය චරිතය සාර්ථක කිරීමට ඕනෑම කැපකිරීමක් සිදුකරන බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

අදාළ චරිතයට අදාළ රූගත කිරීම් එංගලන්තයේ සිදු කෙරුණු බව වාර්තා වන නමුත් එම චිත්‍රපටය කුමක්ද යන්න Amy හෙළිකර නැහැ.