සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මුල්‍ය ව්‍යාපෘතිය යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව කැබිනට් තීරණයේ දැක්වේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.