ක්‍රිකට් ආයතනයට සහාය දක්වන ඇතැම් නිලධාරීන්ද සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා ඇත.

එමෙන්ම  ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති බවට මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීම ගැටලු සහගත බව ද අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එසේ දැනුවත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ඊයේ (07) පැවති නඩු විභාගයේදී නීතීඥවරුන් එම නිවේදනයද වාසියට ලබාගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ක්‍රිකට් අතුරු කමිටුව වළක්වාලමින් නිතුත් කළ තහනම් නියෝගය සඳහා යම් හෝ බලපෑමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරියෙක් හෝ ජනාධිපති උපදේශවරුන් සිදු කරන්නට ඇති බවට ප්‍රකාශ කළ හැකි බවද ඔහු එහිදී සඳහන් කර තිබේ.

සූදු ෂම්මිද රෝෂාන් රණසිංහද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට පහසු බව ද  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් පවසා ඇත.