සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේදී පැවසිය.

එමෙන්ම ඊයේ (17) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමටය.

කෙසේවෙතත් සුළු පිරිසකගේ විරෝධය හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත.