රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22) රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ.

ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ක්ෂේත්‍රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙම විරෝධතා සංවිධානය කර ඇති බව සමස්ත ලංකා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මධුර සෙනවිරත්න පවසා ඇත.