සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසා ඇත.

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර එය අවලංගු කිරීමට අදාළ සාකච්ඡාවේදී ලේකම්වරයා එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව අදාළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.