ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01) උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

උදෑසන 6.30 ආරම්භ කළ එම සංඛේතාත්මක වැඩ වර්ජනය දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇති බවත් අනතුරුව දහවල් 12 ට රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනු ඇති බවත් එම වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ.