හදිසි ඖෂධ මිල දී ගැනීම් වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.

අද (ඔක්. 2) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

රට තුළ මේ වන විට කොවිඩ්-19 වසංගතය පැවති කාලයේ මෙන් හදිසි තත්ත්වයක් නොපවතින බැවින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් එහිදී පවසා ඇත.