ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වේ.