උගන්ඩාවේ මධ්‍යම කලාපයේ කියෝටෙරා දිස්ත්‍රික්කයේ සති දෙකක කාලයක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් ඔවුන් මිය ගොස් ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කරන බවත්ය.

බලපෑමට ලක් වූ රෝගීන් මිය යාමට දින කිහිපයකට පෙර සම මත කුෂ්ඨ ඇතිව ඇති අතර එය පුළුල් ලෙස පැතිර තිබේ.

එමෙන්ම තවත් කිහිපදෙනෙකුගේ අතපය ඉදිමී තිබුණු බව ද සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රාදේශීය මහ රෝහලකදී මියගිය එක් රෝගියෙකුගේ සමෙහි සාම්පල ලබාගෙන ඇති බවද සඳහන්වේ.

මේ අතර ප්‍රාදේශීය දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ සමහර රෝගීන් සෞඛ්‍ය පහසුකම් වෙත නොගොස් පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත් බවය.