හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව රන්න, වීරකැටිය හා වලස්මුල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කෙරේ.

ඒ අනුව ගොවීන්ට ගෙවතුවල රෝපණය සඳහා එක් නිවසකට පැල 5ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසා ඇත.

දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3ක් පමණ වේ.

මේ නිසා ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබේ.