නයිජර් රාජ්‍යයේ පාලනය එරට හමුදාව අත්පත් කර ගත් බව වාර්තා වේ.

නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම්, හමුදාව රඳවා ගෙන ඇති බවත්, ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතනවලට සම්පූර්ණයෙන් මුද්‍රා තැබීමට හමුදාව පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍යය වාර්තා කරයි

නයිජර් රාජ්‍යයේ කර්නල් මේජර් අමදු අබ්ද්‍රමනේ ඇතුළු හමුදා ප්‍රධානීන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ රෙජීමයේ පාලන කාලය අවසන් කළ බවයි. (Video)

තවද දේශසීමා මායිම් වසා දමා, නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවන බව හමුදා ප්‍රධානීන් දැනුම් දී ඇත.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, රට තුළ ආරක්ෂාව අඛණ්ඩව පිරිහීම, දුර්වල ආර්ථික හා සමාජ පාලනය පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රෙජීමය අවසන් කිරීමට තීරණය කළ බවයි.