හවායි දූපතේ Maui ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන Lahaina නගරය ලැව්ගි නිසා විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම Maui ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බවද බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රදේශයේ රෝහල් පිළිස්සුම් රෝගීන්ගෙන් සහ දුම් ආශ්වාසයෙන් පීඩා විඳින පුද්ගලයන්ගෙන් පිරී ඇති බව සඳහන් වේ.

ගිනි නිවන භටයින් තවමත් ගින්න පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වේ.

වේගයෙන් ඇවිළෙන ගිනිදැල්වලින් බේරීම සඳහා ඇතැමුන් සාගරයට පැන ඇති බවත් බොහෝ පිරිසක් ඉන් බේරාගත් බවත් එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා ඇත.