චීන පෙම්වතෙකු පෙම්වතියට මිනිත්තු 10 ක හාදුවක් දීමෙන් පෙම්වතාගේ වම් කනට හානිවී කන් නොඇසී ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීමට එම පෙම්වතා මුහුණ පෑවේ අගෝස්තු 22 වැනිදා පැවැති චීන ආදරවන්තයන්ගේ දිනයේදීය.

හාදු දෙද්දී ඔහුට වම් කන ඇතුළෙන් පිපිරුම් හඬක් ඇසී ඇති අතර ඉන්පසු වේදනාවක් දැනී තිබේ.

ඔහු වහාම රෝහල්ගත කෙරුණු අතර සුවය ලැබීමට දෙමාසයක පමණ කාලයක් ගතවනු ඇති බව රෝහලින් දන්වා ඇති බව එම මාධ්‍ය වාර්තා කර තිබේ.

Woman and man kissing each other /Photo by Vera Arsic from Pexels: