නිවාස හානිවූ මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදෙන්නේ නම් මැයි 9 ගිනිබත් වූ බස් රථවලටද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා ඇත.

අරගලය හේතුවෙන් බස් රථ 50 ක් සම්පූර්ණයෙන් විනාශ වූ බවත් තවත් බස් රථ 50 ක් පමණ අර්ධ වශයෙන් හානි වූ බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර තිබේ.

රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොමැති බවත් බස් රථයකට මිලියන 10 ය බැඟින් බස් රථ 50 ට වැය වන්නේ මිලියන 500 ක් පමණක් වන අතර එය විශාල මුදලක් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.