මෙරට තුළ හෙක්ටෙයාර 16,000ක් බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කිරීමටයි නියමිතව ඇත.

මෙහි දී උසස් තත්වයේ දෙමුහුන් බීජ, රසායනික පෙහොර මෙන්ම බිම් සැකසීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් නැවත අයකර නොගැනීමේ පදනම යටතේ ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර  තිබේ.

නිර්මාණි ගුණරත්න