කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කර තිබේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීර්ණය කර තිබේ