දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැනක් එලීමේ වැඩකටයුතු මේ වන විට අවසන් කර තිබේ.

ඒ අනුව හෙට (24) දිනයේ එය ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව මෙය මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින අතර මෙය සම්බන්ධ කිරීම තුළින් මෙගාවොට් 800 ක විදුලි ධාරිතාවත් ජාතික පද්ධතියට එක් වන බව ද වාර්තා වේ.