Karate Kid කියන්නේ ලෝකය පුරා ජනප්‍රිය වුණු ආත්මාරක්ෂක සටන් කලාව හා සබැඳි චිත්‍රපට මාලාවක්. 1984 තිරගත වූ The Karate Kid චිත්‍රපයටය ලද ජනප්‍රියත්වය නිසාම The Karate Kid Part II (1986), The Karate Kid Part III (1989), The Next Karate Kid (1994) වශයෙන් කොටස් ගණනාවක් වරින් වර තිරගත කෙරුණා. එහි Mr. Miyagi සටන් ගුරුවරයාගේ චරිතය නිරෑපණය කළ Noriyuki “Pat” Morita 2005 වසරේදී මිය ගිය අතර, 2010 වසරෙදී තිරගත වූ The Karate Kid නව චිත්‍රපටයේ සටන් ගුරුවරයා වූ Mr. Han ගේ චරිතය නිරූපණය කළේ ජනප්‍රිය ක්‍රියාදාම නළු Jackie Chan.

1984 දී Karate Kid (Daniel LaRusso) වූ Ralph Macchio සමඟ 2010 චිත්‍රපටයේ ගුරුවරයා වූ Jackie Chan එක්ව, The Karate Kid චිත්‍රපට මාලාවට වසර 40ක් සපිරෙන ලබන වසරේදී තිරගත කිරීම සඳහා චිත්‍රපටයක් නිර්මාණයට සූදානම් වන බව වාර්තා වනවා. මෙහි වැදගත්ම පුවත නම්, නව චිත්‍රපටයේ Karate Kid චරිතය සඳහා ලොව පුරා දරුවන්ගෙන් තිර පරීක්ෂණ කැඳවා තිබීමයි. මේ පිළීබඳ උනන්දුවක් ඇති දරුවන්ට KarateKidCasting.com වේබ් අඩවියට වීඩියෝවක් උඩුගත කිරීමෙන් සිය අවස්ථාව උරගා බැලීමේ හැකියාව තිබෙනවා.

Sony pictures නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය 2024 දෙසැම්බර් 13 තිරගත කිරීමට සැලසුම් කර තිබෙන බවයි වැඩි දරටත් වාර්තා වන්නේ.

Ralph Macchio හා Jackie Chan එක්ව නිකුත් කල Global casting call වීඩියෝව පහතින්.