මාස ගනනක වැඩ වර්ජනය අවසන් කිරීමට එකඟ වෙමින් හොලිවුඩ් නළුවන් සහ ප්‍රධාන චිත්‍රාගාර තාවකාලික එකඟතාවයකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හොලිවුඩ් නළුවන් මෙම වැඩ වර්ජනය හේතුවෙන් චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සිය ගනනක් නිෂ්පාදනය කිරීම නවතා දමා තිබිණි.

ඒ අනුව චිත්‍රාගාර සමඟ නව කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් මූලික ගනුදෙනුවකට මෙසේ වැඩ වර්ජනය අවසන් කර ඇත.

හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් දැවැන්ත වර්ජනයක් සිදුකරන බවට පසුගිය දා නිවේදනය කෙරිණි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව ඔවුන් මේ අවස්ථාවේදී හොලිවුඩය වසා දැමිමක් සිදුකරන බව සඳහන් කෙරිණි

මෙය එය වසර 40කට පසු හොලිවුඩයේ සිදුවන විශාලතම වසා දැමිම බව බී බීසී ප්‍රවෘත්ති සේවය සදහන් කර තිබුණි.

රංගන ශිල්පීන් හා තිර පිටපත් රචකයින් 160,000ක් පමණ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයට එක්ව සිටියේය.

ඒ සමග බොහෝ නිර්මාණවල මංගල දර්ශන පවා අත්හිටුවීමට සිදුවන බව හොලිවුඩ් අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝර්ලන් පවසා තිබිණි.

වැටුප් සහ ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් මෙම වැඩවර්ජනය කැදවා තිබුණි.

රංගන ශිල්පීන් වෙනුව කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවූ මුහුණු මෙන්ම කටහඩ භාවිත නොකරන බවට සහතිකයක්ද ඔවුන් ඉල්ලා සිටින බව හොලිවුඩ් රංගන ශිල්පීන් ප්‍රකාශ කර තිබිණ.

මේ සම්බන්ධයෙන් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී Bob Iger පවසා ඇත්තේ නළුවන් සහ ලේඛකයින් යන දෙඅංශයේම ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර කොවිඩ් බලපෑමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කර්මාන්තයකට මෙම වර්ජනය හානිදායක වනු ඇති බවය.

වර්ජන ක්‍රියාමාර්ගයත් සමග ඇමෙරිකාවේ චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ රැසක් නතරවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙර මෙවැනිම වර්ජන 80 දශකයේ සහ 60 දශකයේද සිදුව තිබේ