Sylvester Stallone ගේ සුප්‍රකට Rocky චිත්‍රපට මාලාවේ Apollo Creed චරිතයෙන් ලොව පුරා ජනාදරයට පත් ක්‍රියාදාම නළු Carl Weathers පසුගිය දා (01) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මිය යන විට 76 වන වියේ පසු වූ ඔහු මිය ගොස් ඇත්තේ ස්වාභාවික හේතූන් මත බවයි වාර්තා වන්නේ.
වෘත්තිය American football ක්‍රීඩකයෙකු වූ Carl Weathers 1973 වසරේදී රංගනයට පිවිස ඇත්තේ Magnum Force චිත්‍රපටයෙන්.

Rocky (1976-1985), Navarone (1978), Predator (1987), Action Jackson (1988), සහ Hurricane Smith (1992) වැනි චිත්‍රපට ගණනාවක මෙන්ම රූපවාහිනී නාට්‍ය මාලා බොහෝ ප්‍රමාණයක රංගනයෙන් දායක වී ඇති නළු Carl Weathers ජනප්‍රිය සජීවීකරණ චිත්‍රපට හා වීඩියෝ ක්‍රීඩා සඳහා හඬ නළුවකු ලෙසින් ද දායකත්වය දක්වා තිබෙනවා.