ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බැවින් වැඩවර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසා සිටියා

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට අක්ෂි රෝහලේ වෛද්‍යවරු මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා