ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත් විය.
මෙම හමුවේදී ශ්‍රීලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කර තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
තානාපතිනිය සහ අගමැතිවරිය අතර පැවති මෙම සාකච්ඡාවෙදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න සහ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ අධ්යක්ෂ චතුර පෙරේරා මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය.