පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර ඇ​ත.

ඒ අනුව, එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරි​දි තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල් 180ත් 234 අතරත් මිල සටහන් ව පවතියි.

තවද, සුදු බිත්තරයක් රුපියල් 20ත් 34 අතරත්, දුඹුරු බිත්තරයක් රුපියල් 30ත් 36 අතරත් මිල සටහන් වේ.