කොළඹ අගරදගුරු පදවි සහයක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් (විශ්‍රාමික) ස්වර්ගස්ථ වී තිබෙනවා.

ස්වර්ගස්ථ වන විට 83 වැනි වියෙහි පසුවූ විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් 1941 ඔක්තෝම්බර් මස 11 වැනිදා මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ උපත ලබා තිබෙනවා.

අසනීප තත්ත්වයේ පසු වූ රදගුරු හිමිපාණන් මිය යනතෙක්ම ගත කළේ කොළඹ හැව්ලොක් ටවුන් Evening Stay නිවහනේ.