ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.

අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණු බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබූ අතර එම අවස්ථාවේ දී අදාළ හෙලිකොප්ටරයේ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමිරබ්දුල්හියාන් (Hossein Amirabdullahian), අසර්බයිජානයේ නැගෙනහිර ආණ්ඩුකාර මලික් රහ්මාති (Malik Rahmati), ඉරානයේ ටැබ්‍රයිස් හි ආණ්ඩුකාර මොහමඩ් අලි අලෙ හෂීම් (Mohammed Ali Ale-Hashem) සිටි බව එම මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

In this photo provided by Islamic Republic News Agency, IRNA, the helicopter carrying Iranian President Ebrahim Raisi takes off at the Iranian border with Azerbaijan after President Raisi and his Azeri counterpart Ilham Aliyev inaugurated the dam of Qiz Qalasi, or Castel of Girl in Azeri, Iran, Sunday, May 19, 2024. A helicopter carrying President Raisi suffered a "hard landing" on Sunday, Iranian state media reported, without elaborating. (Ali Hamed Haghdoust/IRNA via AP)

In this photo provided by Islamic Republic News Agency, IRNA, the helicopter carrying Iranian President Ebrahim Raisi takes off at the Iranian border with Azerbaijan after President Raisi and his Azeri counterpart Ilham Aliyev inaugurated the dam of Qiz Qalasi, or Castel of Girl in Azeri, Iran, Sunday, May 19, 2024. A helicopter carrying President Raisi suffered a “hard landing” on Sunday, Iranian state media reported, without elaborating. (Ali Hamed Haghdoust/IRNA via AP)

කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් මේ වනවිට ක්‍රියාන්විතයට එක්ව සිටින බව සඳහන් වේ.

Iran's Ebrahim Raisi and Azerbaijan's President

Raisi (left) and Azerbaijan’s Aliyev visit the Qiz-Qalasi dam on the Azerbaijan-Iran border, May 19 [Iran’s Presidency/WANA/Handout via Reuters]

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට අද (19) එක්ව තිබුණු අතර එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ පා ඇත.

කෙසේ නමුත්, වනවිට ඉරාන ජනතාව සිය ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා කිරීමද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.