ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (01) දිනයේදී තවත් තරග 02ක් පැවැත්වීමට නියමිතය. ඒ තරගාවලියේ සිව්වැනි සහ පස්වැනි තරග ලෙසයි.

ඒ අනුව අද පස්වරු 3.00ට දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයත්, බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් අතර තරගය පස්වරු 07.30ටත් ආරම්භ වේ.

මෙම තරග ද්විත්වයම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, තරගාවලිය ඊයේ (31) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ගෝල් ටයිටන්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් සමත්වූහ.