අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙන අතර එම ගාස්තු නිවැරදිව අය නොකරන්නේ නම් 1955 ක්ෂණික අංකයට දැනුම්දිය හැකි බව  ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා

මගී ප්‍රවාහන සේවයට අදාළ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනය සියයට 05කින් පමණ සිදු කරන බව සඳහන්.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කරනා බස් රථ ගාස්තු ඇතුළු සියලු ම ගාස්තු අඩු වනු ඇත.

අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා අඩු කෙරෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් ක​ළා

 

අදාළ සංශෝධන ගාස්තු පහතින්