අද (19 ) සහ හෙට (20) දහවල් 12. 00 සිට මාතර – කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව වසා දමන බව පොලීසිය දැනුම් දී තිබෙනවා .

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමන බැවින් වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

එම කාලය තුළ තංගල්ල හෝ කතරගම දෙස සිට මාතර දෙසට යන වාහන විකල්ප මාර්ගයක් ලෙස තලල්ල කාර්මික විද්‍යාලය අසලින් දකුණට ඇති නාඔටුන්න මාර්ගයේ ගමන්කර, වියන්නරුව හංදිය සිට කැකනදුර රත්මලේ මාර්ගයෙන් කැකනදුර දෙසට ධාවනය කර, එතැන් සිට කැකනදුර හංදියෙන් මාතර කැකනදුර මාර්ගයේ මැදවත්ත හංදියට ධාවනය කර එතැන් සිට මාතර දෙසට ගමන්කළ හැකිය.

මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට යන වාහන මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකිය.

තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන සියළු රථවාහන දෙව්නුවර ඉන්දන පිරවුම්හල අසල දක්වා ධාවනය කල හැකි බවද පොලීසිය මහ ජනතාවට දැනුම් දී තිබෙනවා