පාසල් පැවැත්වෙන කාලසීමාවන්වල දී ඉගැන්වීමේ කටයුතුවලට බාධාවන් සිදුවන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදුකරනු ලබන බලපෑම් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව එවැනි අනීතික ක්‍රියා මගින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු කරනු ලබන අසාධාරණයන් වැළැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර අමාත්‍ය මණ්ඩලය විසින් ගැනීමට තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

මේ සඳහා වන නව නීති සම්පාදනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා නීති කටයුතු පිළිබඳ විෂය පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට බලය පවරා ඇති බවත් ඔහු සඳහන් කර ඇත.