එරාවුර් අධිකරණය විසින් නියම කළ සිව් වසරක සිරදඬුවමක් හිමි රැදවියෙකු නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන විත් තිබෙනවා

මෙලෙස රැගෙන ආ රැඳවියා අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බවත් එම අවස්ථාවේදී ඔහු මෙලෙස පළාගොස් තිබෙන බවත් ය .

ඔහු කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නම් පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.