අධිවේගී මාර්ගවල දෙසැම්බර් 23 වැනි දා ආදායම 40%කින් පමණ වැඩි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත.

ඒ අනුව අධිවේගී මාර්ගයේ 22 වැනි දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් 46,457,600ක් පමණ වන බව සඳහන් වේ.

එසේම 23 වැනි දා වාහන 145,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් 50,174,550ක් පමණ වන අතර එය මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් 40%ක පමණ වැඩි වීමක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.