මුලතිව් පරන්තන් මාර්ගයේ මුංගිල්ආරු ප්‍රදේශයේ වට්ටකච්චි දෙස සිට මුල්ලියාවේලි දෙසට ධාවනය වූ ටැක්ටර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ටැක්ටර් රථයේ ට්‍රේලරය පෙරළී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු ඊයේ (20) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 16ක්වූ තම්බිරාසපුරම්, ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

මෙම ටැක්ටර් රථයේ මිය ගිය පාසල් සිසුවා ඇතුළු මගින් 14 දෙනෙකු ගමන් කර ඇති අතර මුල්ලයාවේලි පොලිස් වසමේ කෝවිලක පවත්වනු ලබන උත්සවයකට සහභාගීවීමට මොවුන් මෙලෙස ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, ටැක්ටර් රථයේ ටේලරයේ ගමන් කළ මගින් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා මුංගිල්ආරු රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ නමුත් සිසුවාගේ මෘත ශරීරය මුංගිල්ආරු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව පුදුකුඩිඉරුප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.