සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

41 වැනි වියේ පසු වන අදාළ කාන්තාව ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඇයට වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ බව ද සඳහන්

ඇය කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචිව සිට කුලී පදනම මත ලබාගත් නුගේගොඩ නාවල පාර නිවසේ සිට මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බව පොලිසිය පවසයි