හෙට (21) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළිය අනුරාධපුරය කඩ පනහ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බව අදාළ රැළිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියා .

කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත් වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බව නාමල් රාජපක්ෂ මෙහිදි අවධාරණය කළා.

වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සදහා පිට පළාත්වල බස්වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.