අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අප්‍රේල් 21 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 10 වැනිදා නාදුනන පුද්ගලයෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක්, රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයේදී  තියුණු ආයුධයක් පෙන්වා බිය වද්දවා දුෂණය කර තිබුණි.

රැකියාව අවසන් වී සිය නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේදී ඇය මෙම සිද්ධියට මුහුණ දුන් අතර ඊට සම්බන්ධ සැකකරු ඇගේ ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගොස් තිබුණි.

පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කළ අතර ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුත්, ඔහුගේ වැඩිමල් සහෝදරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේය.