ලබන වසරේ අප්‍රේල් මාසය තෙක් බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසා ඇත.

ප්‍රමාණවත් පරිදි ඉන්දියාවෙන් බිත්තර ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර දී ඇති බව එහි ලේකම් රංජිත් අතපත්තු සඳහන් කර ඇත.

මේ දිනවල වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 60 කට අධිත මුදලකට අළෙවි කෙරේ.