සමගි ජනබලවේගය නිර්මාණය කරන සන්ධානයට ජාතිවාදීන් , දුෂණ වංචා චෝදනා එල්ල වුණ පුද්ගලයින් එකතු කර ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත.

සමගි ජනබලවේගයේ මතවාදවලට එකඟවන , සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙලට එකඟවන පිරිසක් නව සන්ධානයට එකතු කර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනතාවට බොරු පොරොන්දු ලබාදී , බදු ආදායම් කපා දමා කාර්යක්ෂමතාවය , ඵලදායිතාවය නැතිව රටක් ගොඩ ගැනීමට නොහැකි බවත් රටට අවශ්‍ය වන්නේ ආර්ථික විප්ලවයක් බවත් එසේ නැතිව රට ඉදිරියට ගෙනයාම අසීරු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් තොරව ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් තොරව රට ඉදිරියට ගෙනයාමට හැකි බව සමගි ජනබලගය ප්‍රකාශ කරන්න නැති බවත් බදු අයකිරිම් වලට විරුද්ධ වී රටක් ඉදිරියට ගෙනයාමට නොහැති බවත් බදු අයකිරීම් වලට විරුද්ධ වෙනවානම් බදු ප්‍රතිපත්තිය සාධාරණය කරන්නේ කෙසේදැයි විකල්ප සෙවීමට සිදුවනබවත් හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත.

ඊයේ (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකිදී ඒ මහතා මේ බව පවසා ඇත.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘අපිට අවශ්‍ය වන්නේ ආර්ථික විප්ලවයක්. කාර්යක්ෂමතාවය , ඵලදායාතාව නැතිව රටක් දියුණු කරන්න බෑ. මේ සත්‍ය තේරුම් ගන්නේ නැතිව රටත් ඉදිරියට අරගෙන යන්න බෑ.අපිත් සමඟ එකතුවෙනවානම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙලක් තිබෙනවා ඒ වැඩපිළිවෙලට එකඟවෙන්න ඕන. අපි ජාතිවාදී පිරිසක් නෙවෙයි. අලුත් සන්ධානයක් හැදුවොත් ඒ සන්ධානයට ජාතිවාදි පිරිස් එකතුකරගන්නේ නෑ. අපි හදන සන්ධානය විවෘතයි. හොරු නෙවෙයිනම් අපේ සන්ධානයට අපි එකතු කර ගන්නවා.හැම දේශපාලන පක්ෂයකම අඩු වැඩි වශයෙන් හොරු ඉන්නවා. හොරු අල්ල දේශපාලන පක්ෂවලට බෑ. දේශපාලන පක්ෂවලට පුලුවන් අවශ්‍ය නීති සම්පානදනය කරලා ස්වාධීන කණ්ඩායමකට බලය ලබාදෙන්න. දේශපාලඥයින් කවදාවත් හොරු අල්ලනේ නෑ. හොර අල්ලන්න ස්වාධීන බලය තිබෙන ආයතනයකට අවශ්‍ය පහසුකම් ලබාදුන්නොත් විතරයි.’