අරගලයට හදවතින්ම උදව් කරපු එකම පුද්ගලයා හදවතින්ම උදව් කළ එකම පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවත් ඒ හේතුවෙන් ඔහු සමග එක්වන බවත් අරගල​යේ සමාජ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ ධනිස් අලි පවසයි .

මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් ප්‍රකාෂ කර සිටියා

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ධනිස් අලි

”අපි ඍජුවම සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක හිටගන්නවා මේ වෙලාවේ . හේතුව සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි අරගලයට හදවතින්ම උදව් කරපු එකම පුද්ගලයා. රනිල් වික්‍රමසිංහ අරගලෙන් බෙනිෆිට් ගන්න හැදුවා , එතකොට අනුර කුමාරලා අරගලේ විකුණන් කෑවා. සජිත් ප්‍රේමදාසව මරන්න ගියා .මාව අඩගහයි දැන් අදින් පස්සේ සී.අයි.ඩි එකට . මම කියනව මම දැකපු විදිහට ඇත්තටම ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාසට ගලෙන් ගහන්නේ හුරතල් කරන්න නෙවේනේ මරන්න තමයි ගහන්නේ. ගහපු හැටි හැමෝම දැක්කනේ . ගාඩ් එක හිටියේ නැත්තම් අනිවාරෙන් ඒ වෙලාවේ මැරෙනවා .එයා මැරුවා නම් එහෙම අද රට ගිනි අරගෙන බංගලාදේශයට වඩා අන්ත තත්වයට රට පත්වෙනවා. අරගලෙන් පස්සේ අපි හැමොමත් එක්කම සාකච්චා කරා ඔය කියන වාමවාදි, අන්තවාදී, ත්‍රස්තවාදි කණ්ඩායම වන එන්.පි.පි එකත් එක්කත් අපි සාකච්චා කරා . රනිල් වික්‍රමසිංහ එන්න කිව්වා කතා කරන්න . අපි අරගලේ කරේ රටේ ක්‍රමවෙනසක් කරන්න . එතකොට සජිත් ප්‍රේමදාස හුස්ම , සක්වල කියන ඒ වැඩපිළිවෙලවල් දෙකේදිම ලංකාවේ මිනිස්සුන්ට පෙන්නුවා විපක්ෂය කොහොමද රටේ ක්‍රමය වෙනස් කරන්නේ කියලා. ඉතින් ලංකාව වගේ රටක ඔය වගේ දෙයක් වෙන එක ලොකු දෙයක් . ඉතින් අපි හදවතින්ම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක හිටගන්නවා.සජිත් ප්‍රේමදාස තමයි සැප්තැම්බර් 22 මේ රටේ ජනාධිපති ඒක අනිවාර්‍යයි “