සංචාරක ඉන්දීය කණ්ඩායම සමග තරග පරාජයෙන් අනතුරුව නායකයෙකු ලෙස කටයුතු කළ පළමු තරගාවලිය අසාර්ථක බවට තමන් පිළිගන්නා බව විස්සයි 20 කණ්ඩායම් නායක චරිත් අසලංක පැවසුවා

ඊයේ (30) පැවති සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා

ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ලෙස පීඩනයට මුහුණදීම සඳහා සියලුදෙනාගේ මනස ශක්තිමත් විය යුතු බවත් ප්‍රේක්ෂකයන් කළකිරීමට පත්කිරීම පිළිබදව තමා කනගාටුවන බවත් නායක චරිත් අසලංක වැඩිදුරටත් කියා සිටියා .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් අසලංක,

“අමාරු කාලයක් මම පිළිගන්නවා නායකයා විදිහට පළමු තරගාවලිය අසාර්ථකයි. හැබැයි ගොඩක් කනගාටුයි ප්‍රේක්ෂකයින්ට වගේම මටත්, කණ්ඩායමටත් ගොඩක් කනගාටුයි. අපි ප්‍රේක්ෂකයෝ නැවතත් කලකිරීමට ලක්කලා. මම හිතනවා අපි මීට වැඩිය හොඳවෙන්න ඕනේ කියලා. මම කණ්ඩායම සමගත් කතා කළා. මම හිතනවා අපි මීට වැඩි ගොඩක් හොඳ වෙන්න ඕනේ මේ ලෙවල් එකේ ක්‍රීඩා කරනවා නම්. අපි පෙන්නුවා මම හිතන්නේ අපි හොඳම මට්ටමේ කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්නේ තව වැඩිදියුණු වෙන්න ඕනේ කියලා. අපේ අතේ තිබුණු තරගයක් අන්තිම බෝල 12ටත් ලකුණු 09යි තිබුණේ. ඉතින් නායකයා විදිහට මමත් පිතිකරුවන් කිහිපදෙනෙකුත් මම හිතනවා අපි ක්‍රීඩාකරපු ආකාරය. කලින් කිව්වා වගේ මේ ලෙවල් එකේ අපි ඔයිට වඩා හොඳ වෙන්න ඕනේ. මින් ඉදිරියට අපි තව පුහුණු වෙන්න ඕනේ. අපි තව ඔළුව දියුණු කරනගන්න වැඩ කරන්න ඕනේ. පළවෙනිම දේ පුහුණු වීම. අපි කොච්චර පුහුණු වුණත් වැඩක් නැහැ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ විදිහට අපේ මනස හැසිරෙන්න ඕනේ.”