සිය දේශපාලන බලවේගය ණය ගෙවීම කල් නොදමන බවත්, ණය ගත්තොත් එය ගෙවන බවත් බිංගිරිය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියා

ණය ගෙවීමට නොහැකි නම් කිසිසේත් ණය ලබානොගන්නා බවද නාමල් රාජපක්ෂ මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා

ණය ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සිය දේශපාලන බලවේගයට ඇති බවත්, ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතීය නොකරන බවත් ඔහු එහිදී පෙන්වා දුන්නා.

රැස්වීම අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ

“අපේ අතින් අඩුපාඩු වෙන්න ඇති.. හැබැයි අපි ජනතාවට, රටට, ජාතියට, ආගමට හානියක් කළේ නැහැ.. අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම පුරවැසියෙක් ගැනම හිතනවා..”